“අල්ලස් දූෂණ කොමිෂන් සභාව ඉන්නේ අල්ලස් ගන්න අය අල්ලන්නම නෙවේ.. අල්ලස, දූෂණය, නාස්තිය නවත්තන්න පහළ තැන ඉඳන් හැදිය යුතුයි.”ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය රටවල් 180 ක් තමන්ගෙ සංගණනයට ගන්නවා අරගෙන හදන දුෂණ සම්බන්ධයෙන් වන නිර්නායකයක් තියනවා"ඉන්ඩෙක්ස් එකක් එකේ දුෂණය අඩුම රට 01 නම් ,දුෂණය වැඩිම රට 180, ඔබ හිතන විදියට ලංකාව කොහෙද තියෙන්නේ එකසීය විසිඑකේ (121) හැබැයි,ප්රශ්නය මොකක්ද දන්නවාද ඔබට හම්බවෙලා තියෙනවාද දුෂණය තියෙන්න ඕනේ අල්ලස තියෙන්න ඔනේ කියලා කෙනෙක් ,හමුවෙලා තියෙනවා ද ලංකාවේ. මට නම් නෑ. ඔක්කොම දුෂණ විරෝධි ඉන්න රටක එකසිය විසිඑකේ(121) කොහොමද තියෙන්නේ? අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ,දුෂණයෙන් තොර පළාත් පාලන ආයතනයක් ගොඩනැඟීම - දූෂණ විරෝධී පනත බිම් මට්ටමේ සිට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උතුරු මැද පළාත් පාලන ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී අදහස් දක්වමිනි.
“ හැබැයි අපේ ලංකාවත් ඔන්ලයින් සිස්ටම් එකට හැදුවාම පිටරට වල මිනිස්සු වගේ ඉදිරියේ දී වෙනස් වෙයි.මොකද අපි නීතිගරුකයි.අපි වරද පිළිගන්නවා.නැත්තන් අපි වැරදි නෑ අපි උසාවියට ඉදිරිපත් කරන්න කියලා කියන තැනට ඒවි.
අපි ඒ සඳහා බිම් මට්ටමෙන් මේ සැකැස්ම සකස් කරන්න ඕන.ඒ සඳහා තමයි අපි පළාත් පාලන ආයතන නියෝජිතවරුන් දැනුවත් කිරීම් කරගෙන යන්නේ.මොකද ඔබව පත් කළේ මහජනතාව.ඔබ පත් කරේ පළාත් පාලන පනත අනුව ස්වාධීන ආයතනයකට.එතකොට ඔබ සෘජුව වග කියන්න ඕන මහජනතාවට.දූෂණයෙන් තොර මහ නගර සභාවක්,නගරසභාවක්,පළාත් පාලන ආයතනයක් නිර්මාණය කරන්න නම් මහජනතාවට වගකියන ආයතනයක් නිර්මාණය කිරීම ඔබේ අතේ තිබෙන්නේ.
ඔබ තමයි ඔබේ ආයතනයට එන මහජනතාවට රස්තියාදු නොකර ඉතා ඉක්මණින් ඒ වැඩේ කරවලා යවන්න ඕන.ඒ වගේම අපි ඉන්නේ අල්ලස් ගන්න අය අල්ලන්නම නෙවේ.මේ සඳඟහා අවශ්‍ය මාර්ගෝපදේශය ලබා දෙන්න යැයි පැවසීය.