ජනාධිපති සංචාරයක් අතරතුරදී ව්ලැඩ්මීර් පුටින් රුසියානු ජනාධිපතිවරයා විසින් මැණික් ගල් ඔබ්බන ලද රත්රන් කඩුවක් තමාට තෑගි දුන් බව හිටපු ජනාධිපති, පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තුවේදී ඊයේ(24) ඔහු සඳහන් කර සිටියේ තමාගේ වැඩිමහල් දියණියගේ නිවසෙහි රත්රන් අශ්වයන් සිටියා යැයි පැවසෙන කතාව මුසාවක් වන බවයි.
ඒ අනුව එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර සිටියේ
"මගේ ලොකු දුවගේ ගෙදර හොරු කැඩුවා. ඒ ගෙදර තිබුණු කිරි පැකට් වගේ කන බොන දේවල් ටිකක් ගෙනිහිල්ලා තිබුණා. රත්රන් අශ්වයෝ ඒ ගෙදර මොකුත් තිබුණේ නැහැ. මම කටාර් රාජ්‍යයට ගිය වෙලාවේ රාජ්‍ය නායකයෙකුට දින තෑග්ග හම්බවුණා. ඒක මම පොළොන්නරුවේ කෞතුකාගාරයේ තියලා තියෙනවා. මම ඒ කෞතුකාගාරය හැදුවේ කෝටි සීයක් වැය කරලා. කිසිම ජනාධිපතිවරයෙකු මේ රටේ කෞතුකාගාරයක් හදල නැහැ.
කොළඹ කෞතුකාගාරය හැදුවේ සුද්දෝ. නමුත් මම කෝටි සීයක් වැය කරලා තට්ටු හතරක විශාල ගොඩනැගිල්ලක් හැදුවා.
දුවගේ ගෙදර හොරුකඩපු එක එක්තරා මාධ්‍ය ආයතනයක පත්තර කියවන කෙනෙකු ඉතාම අශීලාචාර ලෙස තමයි කිව්වේ . රාජ්‍ය නායකයෙකුට තෑග්ගක් දුන්නම ඒක දුවගේ ගෙදර තියෙනකොට හරිද කියලා ඇහුවා. කටාර් සංචාරයේදී ඒ රටේ නායකයා මගේ ආරක්ෂාවට ගිය අයටත් ලක්ෂ දහයක් විතර වටිනා ඔරලෝසු දුන්න.
මට නිල වශයෙන් දෙන එකක් දුන්නේ. මම ජනාධිපති කාලෙ මට හම්බවෙච්ච සියලුම තෑගි ඒ කෞතුකාගාරයේ තියෙනවා. ඔක්කොම තියෙන කාමරයක් තියෙනවා. මීට කලින් හිටපු ජනාධිපතිවරු ඒ තෑගි වලට කළේ මොනවද කියලා මම දන්නේ නැහැ. ඇතැම් මාධ්‍ය පහත් විදියට මට මඩ ගැහුවා.
ව්ලැඩ්මී පු ටින් රුසියානු ජනාධිපතිවරයා මට රත්තරන් කඩුවක් දුන්න. ඒක මැණික් ගල් ඔබ්බවපු එකක්. ඒක සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් රට බේරගන්න සටන් කරපු අපේ නිලමේවරයකුගේ කඩුවක්. ඒක ලන්ඩන් වෙන්දේසිය තියලා තමයි තානාපති අරගෙන මට දුන්නේ. ඒ රත්තරන් කඩුව ගෙදර තිබුණේ සතියයි. මම ඒක කොළඹ කෞතුකාගාරයට දුන්නා. අන්න දැන් එතන බලන්න පුළුවන්.
මේ රටේ අවනීත අශීලාචාර මාධ්‍ය ක්‍රමය වෙනස් කරන්න ඕන. වැරදි කරන අයට දඬුවම් දෙන්න ඕන. ඔය පත්තර කියවන කෙනා මිනිසුන්ට කුණුහරුපෙන් බනින කෙනා කාලයක් මගේ මාධ්‍ය ලේකම් විදියට වැඩ කළා. එයා මම ළඟට අඬාගෙන ඇවිල්ල ජීවත් වෙන විදියක් නැහැ කියලා කිව්වා. මට රස්සාවක් දෙන්න කියලා ඉල්ලුවා. මම එතකොට මගේ මාධ්‍ය ඒකකයේ අධ්‍යක්ෂක කරලා පත් කළා. ඒ විදියට පත් කරපු කෙනා තමයි මට ඔය විදියට පහර දෙන්නරටට මාධ්‍ය නියාමනයක් අවශ්‍යයි.
නැත්නම් මේ රට ගෙනියන්න බැහැ. එහෙම නොකළොත් මේ රට පාලනය කරන්න වෙන්නේ මාධ්‍ය අයිතිකරුවන්ට. වැරදි කරපු අයට දඬුවම් දීමේ ක්‍රමයක් අවශ්‍යයි. මේකෙ තියෙන බරපතළ නීති ඉවත් කළ යුතුයි.පනතේ තියෙන තද නීති වලට අපි විරුද්ධයි" යනුවෙනි.