නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා සිංගප්පූරුව බලා පිටත්ව යාම සදහා මේ වනවිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
ඔහු හෙට (7දා) අලුයම 12.50 ට සිංගප්පූරුව බලා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව යාමට නියමිත සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙනි .
දුමින්ද සිල්වා මහතා මේ මොහොත වනවිට මෙම ගුවන් යානය වෙත පිවිස ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .