අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් සොයමින් සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයවර්ධන පුර රෝහල වෙත ඇතුළත්ව ඇති බව වාර්තා වෙයි. ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ කණ්ඩායමක් මේ වන විට ජයවර්ධනපුර රෝහලට ගමන් කරමින් සිටින බවද වාර්තා වෙයි.
දුමින්ද සිල්වාට ජනපතිවරයා ලබිදුන් ජනපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළ අතර ඒ අනුව ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග නිකුත් කරනු ලැබීය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට මරණ දඩුවම් නියමව සිටි අතර මීට මාස කිහිපයකට පෙර ඔහුට ජනපති සමාව ලබාදීමට ජනපතිවරයා කටයුතු කෙළ්ය.