(UPDATE 10.40 AM) හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
තිඹිරිගස්යාය ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක සිටියදී පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් හිටපු අමාත්‍යවරයාව අත්අඩංගුවට ගෙන ඇත
වැල්ලවත්ත හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේදී රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවිය සමග අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනාගෙන් සිදුකළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදී ගිනිඅවිය ලබා දුන් බව කියන අනුරාධපුර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රීවරයෙක් මෙන්ම හිටපු අමාත්‍යවරයෙකුගේ කෝකියෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු පෙරේදා (21දා) රාත්‍රී රුවන්වැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලීසිය කියයි.
ගිනිඅවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 ක කාලයකට රැඳවුම් නියෝග ලබාගත් සැකකාරියන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වසර 11ක පමණ කාලයක් මෙම කෝකියා අදාළ දේශපාලඥයා යටතේ කෝකියෙකු ලෙස කටයුතු කර තිබූ අතර එම පුද්ගලයාට, මීට මාස හයකට පමණ ඉහතදී එම දේශපාලඥයා බෑගයක් ලබා දී, එය ඔහුගේ හිතවතියෙකු වූ හැව්ලොක් සිටි,එළි බෑන්ක් ටවර්හි පදිංචි කාන්තාවකට ලබා දෙන ලෙස කරන ලද දැනුම් දීම මත, තමා එය ලබා දුන් බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉකුත් 20වෙනි දින ප්‍රධාන සැකකාරිය ඇයගේ කසකස්ථාන ලේලිය සමග බීඑම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයෙන් බැස මෙම ගිනිඅවිය අත දරාගෙන ආරක්ෂක නිලධාරීන් ඉදිරියට පැමිණෙන තිබූ බව පොලීසිය කියයි.
මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරියා විශ්‍රාමක යුද්ධ හමුදා සෙබළෙකු වන අතර, ඔහු විසින් කාන්තාවගෙන් ඒ පිළිබඳ විමසීමේදී එය සෙල්ලම් ගිනිඅවියක් බවට ප්‍රකාශ කර ඇත.
නමුත් එය සෙල්ලම් ගිනිඅවියක් නොවන බව වටහා ගත් ආරක්ෂක නිලධාරියා, අංක21238644 දරන ටී 56 ගිනිඅවිය සමග එම කාන්තාව රඳවාගෙන, පොලීසියට කරන ලද දැනුම් දීමක් අනුව එම කාන්තාව අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 48 කාලයකට රැඳවුම් නියෝග ලබා ලබාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය.
වැල්ලවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් කහදවල මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක හේෂාන් කුමාර මහතා ඇතුළු කණ්ඩායමක් විමර්ශන පවත්වයි.
