ඒ් ඒ් පක්ෂවලින් ආණ්ඩුවක් නිර්මාණය කිරීමට ඒම පක්ෂවල නායකය් සිතාගෙන සිටින බවත් එය මෝඩ තීන්දුවක් බවත් පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද දිසානායක මහතා පැවැසීය.
"අපි සියලුම පක්ෂ නායකයන්ගෙන්, සියලුම මන්ත්රීවරුන්ගෙන් ඉල්ලීමක් කරනවා සමහර වෙලාවට නායකයන්ට මේක තේරෙන්නේ නැත්නම් අපි තරුණ මන්ත්රීවරු ටික එකතුවෙමු. එකතුවෙලා අපි මේ රටේ මහජනතාවගේ ප්රශ්න ටික බේරන්න අපි කෙලින් හිට ගන්න ඕන කියන එක මම කියනවා.
පරණ දේශපාලනය දැන් ඇති. ඒ නිසා තමයි මේ රටේ ජනතාව අද අපිටත් උඩින් ගිහින් බලය අරගෙන ඉන්නේ. රැවටුනා, රැවටුනා, රැවැට්ටුව ඇති කියන එකයි අද ජනතාව කියන්නේ. සියලු ජනතාවගෙන් අපි ඉල්ලීමක් කරනවා නැවත වතාවත් මේක සලකලා බලන්න.
සලකා බලලා අපි අඩුම තරමේ මාස 6කට වෙන්න පුළුවන්, අවුරුද්දකට වෙන්න පුළුවන් අපි නවත්වමු අපේ පක්ෂ දේශපාලනය පැත්තකින් තියමු. අපි හැමෝම එකතුවෙලා ජනතාව බේර ගන්න නායකත්වය දෙමු
පක්ෂ නායකයො බලනවා කොහොමද බලය ලබා ගන්නේ කියලා. පරණ ක්රමය පැත්තකින් තියමු. රටේ ප්රශ්නවලට උත්තර ටික හොයලා දෙන්න කියලයි ජනතාව කියන්නේ.”