දුම් පරීක්ෂාව සිදුකරන වාහනය දුම් කෝච්චියක්
නුවරඑලිය සිට දිනපතා නුවරඑලිය දිස්ත්රික්කයේ ප්රධාන නගර වෙත ගොස් වාහන වල දුම් පරික්ෂාව සිදු කරන පෞද්ගලික ආයතනයකට අයත් වාහනයක අධික ලෙස කළු දුම පිටවන අයුරු ජංගම දුරකථනයක පටිගත කර තිබුණි.
නුවරඑලිය සිට බගවන්තලාව දක්වා දුම් පරික්ෂා කිරිම සදහා (09) දින ධාවනය කර ඇති ජංගම ලොරි රථයෙන් අධික ලෙස කළු දුම පිට කරමින් ධාවනය කරන අයුරු එම වාහනයට පිටුපසින් පැමිණි යතුරුපැදියේ සිටි පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් පටිගත කර තිබුණි.
දුම් පරික්ෂා සිදු කරන එම ජංගම රථයේ පැමිණෙන නිලධාරින් දිනපතා එම වාහනයෙන් නුවරඑලිය දිස්ත්රික්කයේ ප්රධාන නගර වෙත ගොස් දුම් සහතික නිකුත් කිරිමේ කටයුතු සිදු කරන බවයි පැවසෙන්නේ.

popular news
-
Kumar Sunday, 12 March 2023 04:47 PM
dum pariksha karana wahanye sitina aya honda sulli karayo wenna athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

