වෑන් රථයක් යතුරුපැදියක ගැටී පැදිකරු ජීවිතක්ෂයට - උහන පොලිස් වසම.
2026.08.23 දින උදෑසන උහන පොලිස් වසමේ අම්පාර මහනුවර මාර්ගයේ වෑරැන්කැටගොඩ හන්දිය ආසන්නයේදී මහනුවර දෙසට ධාවනය වූ වෑන් රථයක් රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව ගරාජයක් අසල නවතා තිබූ ත්රීරෝද රථයක හා යතුරුපැදි දෙකක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ එක් යතුරුපැදිකරුවෙකු එම ස්ථානයේදීම මියගොස් ඇත.
මරණකරු අවුරුදු 39 ක් වූ වෑරැන්කැටගොඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු ද තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත. වෑන් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. උහන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
බස් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට - නුවරඑළිය පොලිස් වසම.
2026.08.23 දින දහවල් නුවරඑළිය පොලිස් වසමේ පේරාදෙනිය චෙංකල්අඩි මාර්ගයේ කිලෝමීටර් 75 කණුව ආසන්නයේදී මහනුවර දෙස සිට වැලිමඩ දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් බස් නැවතුමක මගීන් බස්සවා නැවත ඉදිරියට ධාවනය කිරීමේදී රියැදුරුට රථය පාලනය කරගත නොහැකිව ඉදිරියෙන් නවතා තිබූ තවත් බස් රථයක පසුපස ගැටී මාර්ගයේ වම්පසින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුගේ ද ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා නුවරඑළිය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇත. මරණකරු අවුරුදු 46 ක් වූ රත්නපුර ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරින් බස් රථ රියැදුරු සහ මගී කාන්තාවන් දෙදෙනෙකු ද සුළු තුවාල ලබා නුවරඑළිය රෝහලට ඇතුළත් කර ඇත. නුවරඑළිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ත්රීරෝද රථයක් දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට - අළුත්ගම පොලිස් වසම.
2026.08.23 දින රාත්රී අළුත්ගම පොලිස් වසමේ ගනේගම පූර්වාරාම විහාරස්ථානය අසල දුම්රිය හරස් මාර්ගයේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කළ ත්රීරෝද රථයක් කොළඹ කොටුව දෙස සිට බෙලිඅත්ත දෙසට ධාවනය වූ දුම්රියක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් ත්රීරෝද රථ රියැදුරු මියගොස් ඇති අතර එහි ගමන් ගත් පුද්ගලයෙකු ප්රතිකාර සඳහා සීනවත්ත රෝහලට ඇතුලත් කර ඇත.
මරණකරු අවුරුදු 23 ක් වූ දර්ගා නගරය ප්රදේශයේ පදිංචිකරුවෙකි. අළුත්ගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
යතුරු පැදි අනතුරකින් පැදිකරුවෙකු ජීවිතක්ෂයට - වීරඹුගෙදර පොලිස් වසම.
2026.08.23 දින සවස වීරඹුගෙදර පොලිස් වසමේ පිදුරුවැල්ල හම්බාර අතුරු මාර්ගයේ හඳගල ප්රදේශයේදී හම්බාර දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ යතුරුපැදිකරුවන් දෙදෙනා සහ පසු පැදිකාරියක් ප්රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පැදිකරුවෙකු මියගොස් ඇත. මරණකරු අවුරුදු 22 ක් වූ සඳගල ප්රදේශයේ පදිංචිකරුවෙකි. වීරඹුගෙදර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
ට්රක් රථයක් පාපැදියක ගැටී පාපැදිකරු ජීවිතක්ෂයට - හබරාදූව පොලිස් වසම.
2026.08.23 දින සවස හබරාදූව පොලිස් වසමේ ගිනිගල එරමුදුගහ හන්දිය මාර්ගයේ පොල්දූව ප්රදේශයේදී එරමුදුගහ හන්දිය දෙසට ධාවනය වූ ට්රක් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි පාපැදිකරුවෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් බරපතල තුවාල ලැබූ පාපැදිකරු ප්රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පාපැදිකරු මියගොස් ඇත. මරණකරු අවුරුදු 63 ක් වූ උණවටුන ප්රදේශයේ පදිංචිකරුවෙකි. ට්රක් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. හබරාදූව පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
දුම්රියක ගැටී කාන්තාවක් මියයාම - මහව පොලිස් වසම.
2026.08.23 වන දින දහවල් මහව පොලිස් වසමේ මහව දුම්රියපොල ආසන්නයේදී මඩකලපුව සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියේ ගැටී කාන්තාවක් මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව මහව පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 72 ක් වන මහව ප්රදේශයේ පදිංචිකාරියකි. මෘතදේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නිකවැරටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මහව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.