වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා දුම්රිය සේවයේ සියලු කාර්යමණ්ඩලවල නිවාඩු අද (14) සිට අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
දුම්රිය සේවාව අඛණ්ඩව හා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා එම පියවර ගත් බව නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සාමාන්‍යාධිකාරී ඩබ්ලිව්.ඒ. ඩී.එස්.ගුණසිංහ මහතා පවසයි.
දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රජයේ නව බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් මූලික කර ගනමින් මෙම වර්ජනය සිදුකිරීමට සැලසුම් කර තිබේ.