දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ දුම්රිය උප නියාමකවරයෙකු අතර ඇතිවු ගැටුමෙන් පසු ක්ෂනික දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය නියාමක සංගමය තීරණය කිරීමත් සමග මේ වනවිට දුම්රිය ගමන්වාර 20ක් අවලංගු වී ඇතැයි වාර්තා වෙයි.
එමෙන්ම මේ හේතුවෙන් මේ වනවිට කොටුව සහ මරදාන දුම්රිය නැවතුම්පලවල් අතර විශාල මගීන් පිරිසක් අපහසුතාවට පත්ව ඇතැයි සඳහන්.
කෙසේ නමුත් වාර්තා වන පරිදි සවස් කාලය වනවිට තවත් දුම්රිය කිහිපයක් අවංලගු වීමටද ඉඩ ඇති බවත් සඳහන්