අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව සඳහා දුම්රිය සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගතවීමව පෙර ඉන් 50%කට ආසන්න ප්‍රමාණයක විදුලි පද්ධති අක්‍රිය වී ඇතැයි ජාතික විගණන කාර්යාලය සමග පෙරේදා (26දා) කරන ලද සාකච්ඡාවකදී අනාවරණය වූ බව විගණන කාර්යාලයේ නිලධාරියෙකුසඳහන් කරන ලදී.
ඒ අනුව එම ව්‍යාපෘතිය සඳහා වැය කරනු ලැබූ රුපියල් මිලියන පන්සියයකට ආසන්න මුදල නිෂ්කාර්ය වියදමක් බවට පත්ව ඇති බවද එම විගණන නිලධාරියා සඳහන් කරන ලදී.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ආරක්ෂාව සඳහා දුම්රිය සීනු හා විදුලි පද්ධති 200ක් ස්ථාපනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මෙම සීනු හා විදුලි පද්ධති 2023 පෙබරවාරි මාසයේ සවිකර තිබුණි.
එම සීනු හා විදුලි පද්ධති සවිකර වසරක් ගතවීමට මත්තෙන් දුම්රිය පහළ මාර්ගයේ සවිකළ සීනු හා විදුලි පද්ධති 142න් 60ක්, පුත්තලම මාර්ගයේ සවි කරනු ලැබූ සීනු පද්ධති හා විදුලි පද්ධති 46න් 34ක් ඇතුළු සමස්ත සීනු හා විදුලි පද්ධති 94ක් ක්‍රියාවිරහිතව පැවතුණු බව විගණනය මගින් අනාවරණය කරඇත.
චන්දන සමරවික්‍රම