දුම්රියේ ගැටලු ගණනාවක් ගොඩ ගැසී ඇති බවත් ඒ සඳහා ක්ෂණික පිළිතුරු නොමැති බවත් ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.
එවැනි තත්ත්වයක් යටතේ ලබන 10 වැනිදා සිදුකිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අසත්‍ය බවද ඔහු පැවැසීය.
"දුම්රිය දෙපාර්තමේන්තුව බොහෝ කලක සිට ඔත්පල තත්තවයට පත්වෙලා තිබුණේ දුම්රිය රියදුරන්, නියාමකයන්, ස්ථානාධිපතිවරුන් බඳවගෙන තිබුණේ නෑ. බදව ගත්තත් බදව ගත්ත පමණින් දුම්රියක් ධාවනය කරන්න බෑ.
ඒ සඳහා පුහුණු කාලය අවසන් වෙන්න දීර්ඝ කාලයක් ගතවෙනවා. මේ නිසා විශ්‍රාම යන අයට කොන්ත්‍රාත් පදනම යටතේ සේවයට එන්න කියලා දැනුම් දීලා තියෙනවා. ඒක එක දවසකින් වෙන්නේ නෑ.
මේ ප්‍රශ්න සඳහා ක්ෂණික පිළිතුරු නෑ. දීර්ඝ කාලයක් ගොඩ ගැසුණ ප්‍රශ්න දැවැන්ත ආර්ථික අර්බුදයත් එක්ක විසඳන්න බෑ.
විසඳුම් නැත්නම් 10 වැනිදා සිට දුම්රිය ඩග් ගාලා නවත්තනවා කියනවා. මේක සාධාරණ නෑ. මේක පව්. දුම්රිය ගමන් කරන මගීන්ට.
ඇමතිවරු ලෙස අපිට 10 වැනිදා වර්ජනය කරනවා ඒක නිසා බදවා ගන්න කියන්න බලයක් නෑ. මම ඇමතිවරයෙක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අනුව රටේ නීතියට අනුවයි.
අපි කැබිනට් මණ්ඩලයට දැනුම් දීලා තියෙනවා. කමිටුවකට දාලා තියෙනවා. ඒ කමිටුවේ නිර්දේශවලට කොමිෂන් සභාවේ අනුමැතිය දෙන්න ඕන. කොමිෂන් සභාව බෑ කිව්වොත් බෑ.
කොමිෂන් සභාවේ නියමයට අපි ගැසට් කරන්න ඕන. අපි අදත් ස්ථානාධිපතිවරුන් 44ක් බඳවා ගත්තා. මේ සඳහා 29000ක් විභාගයට පෙනී සිට තිබෙනවා. සමහර දුම්රිය වාර ගමන් අවලංගු කරන්න වෙනවා."