දුම්රිය වර්ණ සංඥා පද්ධතියේ පවතින දෝෂ නිවැරදි කිරීමට අදාළ කටයුතු නොකළ හොත් දුම්රිය රියදුරන් මේ මස 21 වැනි දින දහවල් 12.00 සිට වෘත්තීය ක්‍රියා මාර්ග ගන්නා බව ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳහන් කරයි.
මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයේ පළමු ක්‍රියා මාර්ගය ලෙස මරදාන, කළුතර, වේයන්ගොඩ හා මීගමුව කලාපවල දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට කටයුතු කරන බවද එම සංගමය පෙන්වා දෙයි.
පවතින දෝෂ පිළිබඳව බලධාරීන්ට පෙන්වා දුන්නත් මේ වන තෙක් නිසි පියවර ගෙන නොමැති නිසා දුම්රිය මගීන්ගේ හා දේපළවල ආරක්ෂාව වෙනුවෙන් දුම්රිය ධාවනයෙන් ඉවත්වන බවද සඳහන් කරයි.
වර්ණ සංඥා පද්ධතියේ දෝෂ ජාතික ප්‍රශ්නයක් ලෙස ගෙන රජය අවශ්‍ය කටයුතු සිදු කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.
දුම්රිය ධාවනය කිරිමේදී වර්ණ සංඥා පද්ධතිය දශක හයකට වැඩි පැරණි එකක් බවත් වර්ණ සංඥා මේ වන විට බරපතළ කඩා වැටීමකට ලක්ව තිබෙන නිසා දුම්රිය රියදුරන්ට වැරදි සංඥා ලැබෙන බවත් සංගමය සඳහන් කරයි.