පිංවත්ත පොලිස් වසමේ තල්පිටිය පාලම මතදී බෙලිඅත්ත සිට මරදාන දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ පුද්ගලයින් සිව් දෙනෙකු ගැටී එක් පුද්ගලයෙකු මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව පිංවත්ත පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත.මරණකරු වයස අවුරුදු 87 ක් වන එංගලන්ත ජාතිකයෙකි.
විදෙස් ජාතික යුවලක් හා ශ්රී ලාංකික පුද්ගලයෙකු හා ඔහුගේ දරුවා මෙලෙස අනතුරට පත් ව ඇති අතර මොවුන් දුම්රිය මාර්ගයේ සිට ඡායාරූප ගනිමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවට සිදුකරන ලද විමර්ශනයේදි අනාවරණය වි ඇත.
තුවාලකරුවන් පානදුර රෝහලේ ප්රතිකාර ලබන අතර පිංවත්ත පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.