දුම්රිය බලවේග කට්ටල 39ක් කොළඹට ගේන්න බැරිව පිට පළාත්වල සිරවෙයි
- 2 12 2025
- 20:24
- {{hitsCtrl.values.hits}} views
- ..
ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය බලවේග කට්ටල 39ක් කොළමට රැගෙන ඒමට නොහැකිව දුම්රිය ස්ථාන කිහිපයකම නවතා ඇති බවත් මේ අතර කාර්යාල දුම්රිය වෙනුවෙන් යොදවා ඇති දුම්රිය බලවේග කට්ටල 18ක් ඇති බවත් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි. මේ අනුව දුම්රිය මගීන් දැඩි පිඩාවට පත්ව ඇති බවත් ප්‍රධාන මාර්ගයේ බුජ්ජොමුව දුම්රිය ස්ථානය අසළ සිදුව ඇති මාර්ගය කැඩීයාම හා හලාවත මාර්ගයේ දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව දුම්රිය බලවේග කට්ටල කිහිපයක් ධාවනයට එක්කර ගත හැකි වෙනු ඇති බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිවේදනය කරයි.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය
දිසි ආපදා තත්ත්වය හේතුවෙන් බලවේග කට්ටල 39 ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි වීම මත සාමාන්‍ය කාර්යාල දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වීම සම්බන්ධවයි.
ශ්‍රී ලංකාව තුල ඇතිවූ හදිසි ස්වභාවික ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ මාර්ග, පාලම්, දුම්රිය ස්ථාන, සංඥා පද්ධති සහ ප්‍රධාන ගොඩනැගිලිවලට විශාල හානියක් සිදුවී ඇත. ආපදා තත්වය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රාජ්‍ය ආයතනය දුම්රිය දෙපාර්තමේන්තුව බව කනගාටුවෙන් වුවද පිළිගැනීමට සිදුවී ඇත. මෙම තත්ත්වය මත දුම්රිය ධාවනය පහත පරිදි සිදු කිරීමට දෙපාර්තමේන්තුව විසින් කටයුතු යොදා ඇත.
මුහුදුබඩ මාර්ගය (මරදාන - බෙලිඅත්ත)
කැලණිවැලි මාර්ගය (කොළඹ කොටුව - අවිස්සාවේල්ල)
ප්‍රධාන මාර්ගය (කොළඹ කොටුව - අඹේපුස්ස)
පුත්තලම මාර්ගය (කොළඹ කොටුව - කොච්චිකඩේ)
හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දුම්රිය මාර්ග වලට දැඩි හානි සිදු වීම නිසා ආපදා තත්ත්වයට පෙර දින රඹුක්කන, පොල්ගහවෙල, කුරුණෑගල, මහනුවර, හලාවත, පුත්තලම සහ ගනේවත්ත යන දුම්රිය ස්ථාන වෙත ධාවනය වූ දුම්රිය බලවේග කට්ටල 39 ක් ධාවනය සඳහා කොළඹ රැගෙන ඒමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ඒ හේතුවෙන් පවතින මගී ධාරිතාවට සරිලන පරිදි දුම්රිය ධාවනය කිරීම ඉතා අපහසු කාර්යයක් වී ඇති බව කනගාටුවෙන් වුවද ප්‍රකාශ කර සිටිමු. එම බලවේග කට්ටල අතර, දෛනිකව ධාවනය කරන ලද කාර්යාල දුම්රිය 18 ක් ඉහත සඳහන් කර ඇති දුම්රිය ස්ථාන වල ගාල් කර ඇත. මේ හේතුවෙන් ධාවනය සදහා පවතින බලවේග කට්ටල ප්‍රමාණය සීමිත වීම නිසා, දුම්රිය භාවිතා කරන මගීන් මෙන්ම දුම්රිය ස්ථානවල සේවය කරන දුම්රිය ස්ථානාධිපතිවරුන් ඇතළු කාර්ය මණ්ඩලය ද දැඩි අපහසුතාවයට පත්වී ඇත.
මෙම තත්ත්වය යම් ප්‍රමාණයකට හෝ සමනය කිරීම සඳහා, ප්‍රධාන මාර්ගයේ බුජ්ජොමුව ප්‍රදේශය ආසන්නයේ හානි වී ඇති දුම්රිය මාර්ගය කඩිනම්න් පිළිසකර කර පොල්ගහවෙල සහ රඹුක්කන දුම්රිය ස්ථානවල ගාල් කර ඇති දුම්රිය බලවේග කට්ටල කාර්යාල දුම්රිය ධාවනය සඳහා එකතු කිරීමෙන් සහ හලාවත දක්වා දුම්රිය මාර්ගය පිළිසකර කිරීමෙන් පසු හලාවත දුම්රිය ස්ථානයේ ගාල් කර ඇති දුම්රිය බලවේග කට්ටල කාර්යාල දුම්රිය ධාවනය සඳහා එකතු කිරීමෙන් හැකි වනු ඇත.
ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නැවත දුම්රිය ධාවනය පෙර පරිදි යථාවත් කිරීම සදහා උපරිම සහයෝගය ලබා දෙන අතර, නියමිත ධාරිතාවෙන් යුක්තව දුම්රිය ධාවනය කිරීමට නොහැකි වීමෙන් මගී ජනතාව මුහුණපාන අපහසුතා පිලිබඳ අප සංගමයේ කණගාටුව ප්‍රකාශ කර සිටින්නෙමු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

