දුම්රිය පාපුවරුවේ ගමන් කළ යුක්රේන තරුණිය බිංගෙයක හැපෙයි
කොළඹ සිට බදුල්ල බලා අද 15 සවස ධවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විසි තුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක් ඕහිය පට්ටිපොළ අතර පිහිටි බිංගෙයක හැපී දුම්රියෙන් බිම ඇද වැටී බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හපුතලේ පොලීසිය පවසයි.
ඕහිය - පට්ටිපොළ දුම්රිය ස්ථාන දෙක අතර දහනම වැනි බිංගෙයේ හැපීමෙන් පසු මෙම තරුණිය බිම ඇද වැටී බරපතල තුවාල ලබා ඇතැයි ද ඇය එම දුම්රියෙන්ම හපුතලේ දුම්රිය ස්ථානය වෙත රැගෙන විත් ගිලන් රථයකින් දියතලාව මූලික රෝහලට රැගෙන ගොස් ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.
මෙරට සංචාරයක පැමිණ කොළඹ සිට පවුලේ ඥාතීන් සමඟ ඇල්ල බලා ගමන්ගත් විසිතුන් හැවිරිදි යුක්රේන ජාතික තරුණියක් මෙසේ තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මීට සති දෙකකට පමණ පෙරද උඩරට දුම්රිය මාර්ගයේ දුම්රියේ පාපුවරුවේ ගමන් ගත් විදේශික පුද්ගලයෙකුට මේ ආසන්න බිංගෙයක් අසල මාරක අනතුරක් සිදුවූ බවද හපුතලේ පොලීසිය පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

