කැළණිවැලි දුම්රිය මාර්ගයේ බේස්ලයින් පාර හා නාරාහේන්පිට දුම්රිය ස්ථාන අතර සැතපුම් 2 දම්වැල් 17 යන ස්ථානයේ පිහිටා ඇති දුම්රිය හරස් මාරගයේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් එම දුම්රිය හරස් මාර්ගය ලබන 17 දා පෙරවරු 5 සිට 18 දා පෙරවරු 5 දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එසේම ප්රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානය අසළ කෑගල්ල - පොල්ගහවෙල මාර්ගය හරහා වැටී ඇති දුම්රිය හරස් මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජුනි 15 දා පෙරවරු 7.00 සිට ජුනි 18 දා පෙරවරු 7 දක්වා සම්පූර්ණයෙන්ම වසා දැමිමට සිදුවන බවද එම දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
ඒ අනුව එම මාර්ග හරහා ගමන් කරන වාහන රියදුරන් වෙත විකල්ප මාර්ග භාවිත කරන්නැයි උපදෙස් දෙන බව දුම්රි ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.