රටේ ජනතාව දහසකුත් කරදරවලට මුහුණපා ඇති අවස්ථාවක දුම්රිය ගාස්තු වැඩි නොකරන ලෙස මුහුදුබඩ දුම්රිය මගී සංගමය ඉල්ලා සිටී.
එම සංගමයේ සභාපති ගුණපාල ජනාධි විතාරණ මහතා මෙම ඉල්ලීම කළේ අද (21) සවස ගාල්ල දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. ඔහු මෙසේද කීවේය.
“ දුම්රිය ගාස්තු වැඩි කරන්න යනවා. මේක කරන්න එපා. මේ ගාස්තු වැඩිකිරීම තව ටික කාලයකට හරි ප්‍රමාද කරන්න. දැන් ජනතාව කරදරවලින් මිරිකිලා. ගමනක් යන්න මේ දුම්රිය විතරයි තිබුණේ. පහුගිය දවස්වල අපි දැක්කා ජනතාව දුම්රියේ එල්ලිලා, වහලේ නැගලා යනවා. දුම්රිය නැතිවුනොත් ජනතාවට කරන්න දෙයක් නැති වේවි. අද බස් අඩුයි. බස්වල ජනතාව යන්නේ මිරිකිලා. ඉන්ධන නැති නිසා ජනතාවට දුම්රිය යම් සහනයක් වුණා.
මේ යන විදියට ඒ සහනයත් නැතිවෙන හැඩයි. බස් ගාස්තු වැඩිවුණා. දුම්රියේ ගමන් කරන්න පුරුදු වුණා. දුම්රිය කියන්නේ සේවයක් කරන දෙපාර්තමෙන්තුවක්, මුදල් උපයන දෙපාර්තමේන්තුවක් නෙමෙයි. ඒ නිසා ගත්ත තීරණය වෙනස් කරලා කබලෙන් ලිපට වැටුණු මිනිස්සුන්ට සහනයක් වෙන්න කියලා අප ඉල්ලා සිටිනවා”
රවින්ද්‍ර ශ්‍රි ලාල්