පට්ටිපොල පොලිස් වසමේ පැරකුම්පුර හා අඹේවෙල දුම්රිය මාර්ගය පරික්ෂා කිරීමට ගොස් සිටි දුම්රිය කාර්ය සහයකවරයෙකුඊයේ (19දා) අලුයම් කාලයේදී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ දුම්රියක ගැටී මියගොස් ඇති බවට පට්ටිපොල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 25 ක් වූ දියතලාව ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය නුවරඑළිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පට්ටිපොල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.