දුම්රිය ටිකට් පත් ඔන්ලයින් ක්රමයට වෙන් කරවා ගැනීමේදී සිදුවන වංචාව වැලැක්වීම සඳහා අලුත් පියවරක් අනුගමනය කරන බවත්, ඒ අනුව එක් හැඳුනුම්පතකට එක් දුම්රියක් සඳහා වෙන් කර ගත හැක්කේ ටිකට් 05ක් පමණක් බවත් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී(කෝපා) අනාවරණය විය.
ඇතැම් අවස්ථාව එක් හැඳුනුම්පතකින් ටිකට් පත් 1000ට වැඩි ප්රමාණයක් දුම්රිය කිහිපයක වෙන් කරගෙන ඇති බවට හඳුනාගෙන ඇති බවත්, ඒ පිළිබඳ තොරතුරු පොලීසියට ලබා දී පරීක්ෂණයක් සිදු කරන බවත් නිලධාරීන් කමිටුව හමුවේ අවධාරණය කළහ.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තු මන්ත්රී අරවින්ද සෙනරත් මහතාගේ සභාපතීත්වයෙන් පැවති කෝපා කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.