අධික මහජන ඉල්ලීමට ප්රතිචාර දැක්විමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබාදීමේ අරමුණින් දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරිමේ මෙතෙක් පැවැති දින 14ක කාලසීමාව දින 30ක් දක්වා දීර්ඝ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු කියයි.
ඒ් අනුව ඒළැඹෙන ඔක්තෝබර් 13 දා රාත්රි 11 සිට ධාවනය වීමට නියමිත සියලුම දුම්රියන්වල වෙන් කළ ආසන සැප්තැම්බර් 13 දා පෙරවරු 10 සිට වෙන් කර ගැනීමට විවෘත වන අතර ඊට අනුව දුම්රිය ධාවනයට දින 30කට පෙර ආසන වෙන් කරවා ගැනීමට හැකියාව ඇත.