කොළඹ කොටුව සිට යාපනය බලා ධාවනය වූ නගරාන්තර සීඝ්රගාමී දුම්රියේ රාජකාරියේ යෙදෙමින් සිටි දුම්රිය ආරක්ෂක නියාමකවරයෙකුට වේයන්ගොඩ, වඳුරව ප්ර දේශයේදී පහරදී දුම්රියෙන් පිටතට තල්ලුකිරීමෙන් පසුව ඔහු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.
පොලිස් 119 හදිසි ඇමතුම් අංකයට ලැබුණ තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී වඳුරව පොලිස් ස්ථානේ සිට මීරිගම දෙමට මීටර් 100ක් පමණ දුරින් තිබී දුම්රිය ආරක්ෂක නියාමකගේ මෘත ශරීරය සොයාගත් බව පොලීසිය කියයි.
අවුරුදු 52ක් වන ඉහළයාගොඩ පාර, ඔරුතොට පදිංචිකරුවෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. දුම්රිය මැදිරියක් තුළ මගීන් දෙදෙනෙනකු මත්පැන් පානය කරමින් ගමන් කරන බවට දුම්රිය ආරක්ෂක අංශයට පැමිණිල් කර තිබේ.
ඒ සම්බන්ධව පරීක්ෂා කිරීමට ආරක්ෂක නිලධාරීන් කටයුතු කර ඇති අතර එහිදී මත්පැන් පානය කරමින් සිටි මගින් දෙදෙනා දුම්රිය ආරක්ෂක නියාමකයන් විසින් එම මැදිරියේ පිටතට රැගෙන යන අවස්ථාවේදී එක් පුද්ගලයෙක් විසින් නියාමකවරයෙකුට පා පහරක් එල්ල කිරීමෙන් පසු නියාමකවරයා දුම්රියෙන් පිටතට විසිවී ඇත.
බීමත්ව සිටි පුද්ගලයා දෙදෙනා දුම්රියෙන් ගමන් ගත් මගින් විසින් අල්ලාාගෙන දුම්රිය ආරක්ෂක අංශය වෙත භාරදීමෙන් අනතුරුව මිරිගම පොලිස් ස්ථානය වෙත භාර දී තිබේ.
සැකකරුවන් අවුරුදු 31 හා 23 වන වයස්හි පසුව නොච්චියාගම හා අනුරාධපුර පදිංචිකරුවන් බව පොලීසිය කියයි.