දුම්රිය කිසිසේත් පෞද්ගලීකරණය නොකරන බවත්, එය අධිකාරියක් බවට පත්කර ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දෙපාර්තමේන්තුවක් ලෙස තිබූ වරාය ද අධිකාරියක් කිරීමෙන් පසු ලාභ ලබන තත්ත්වයට පත්ව ඇති බවද, දෙපාර්තමේන්තුවක් ලෙස තීන්දු තීරණ ගැනීමේදී අපහසුතා පවතින නිසා අධිකාරියක් බවට පත්කිරීමට පියවර ගන්නා බව ද ඇමතිවරයා පැවසීය.
ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (6දා) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.