මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බලපිටිය පාතෙගම්ගොඩ දුම්රිය හරස් මාර්ගයේදී යතුරු පැදියක් ගැටී එහි ගමන් ගත් පියා සහ පුතා මරණයට පත්ව ඇතැයි අහුන්ගල්ල පොලිසිය කියයි.
අද (16) පස්වරුවේ සිදුවූ මෙම අනතුරින් මෙසේ මිය ගොස් ඇත්තේ බලපිටිය වැල්ලවත්ත ප්රදේශයේ පදිංචි පිය පුතු දෙපලක් බවද පොලිසිය සඳහන් කරයි.
අවුරුද්දට සිය ඥාතියෙකුගේ නිවසට යතුරු පැදියෙන් ගොස් ආපසු එමින් සිටියදී කොළඹ සිට මාතර බලා යමින් සිටි දුම්රියක මේ දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය ගැටී ඇති බවද පොලිසිය පවසයි.
දැනට කාලයක පටන්ම මේ දුම්රිය හරස් මාර්ගයේ සංඥා පද්ධතිය දුම්රියක් පැමිණියත් නැතත් නිතරම ශබ්ද නගමින් පවතින බවත් ප්රදේශවාසීහු චෝදනා කරති.
දුම්රියේ ගැටී මිය ගිය පියාගේ සහ පුතාගේ සිරුරු දෙකම එම ස්ථානයෙන් බලපිටිය මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කිරීමට පොලිසිය පියවර ගත් අතර අහුන්ගල්ල පොලිසිය මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
- කරන්දෙණිය එම්.සුසිල් ප්රියන්ත