රඹුක්කන පොලිස් වසමේ තිස්මල්පොල දුම්රිය ස්ථානයේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටී පිරිමි දරුවෙකු මියගොස් ඇති බවට ලද පණිවිඩයකට අනුව රඹුක්කන පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14 ක් වූ මැදගම ප්රදේශයේ පදිංචි දරුවෙකි.
මියගිය දරුවා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමඟ රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වූ දුම්රියක තිස්මල්පොල දුම්රිය ස්ථානය දක්වා ගොස් ඇති අතර දුම්රියෙන් බැසීමේදී මෙම දරුවා පමණක් දුම්රිය වේදිකාවට නොබැස දුම්රිය මාර්ගයට බැසීමේදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ සීඝ්රගාමී දුම්රියේ ගැටී ඇති බවට සිදු කළ විමර්ශනයේදී අනාවරණ වී ඇත. රඹුක්කන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි. ඊයේ (27දා) මෙම අනතුර සිදුව තිබේ.