හලාවත පොලිස් වසමේ සවරාන ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවනය වූ දුම්රියෙන් වැටී පුද්ගලයෙකු ඊයේ (25දා) දහවල් මියගොස් ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 70 ක පමණ වන අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකී වී ඇත. උස අඩි 05 අඟල් 06 ක් පමණ වන තළෙළු, කෙට්ටු, සාමාන්‍ය සිරුරකි. උඩුකයට සුදුපාට ඉරි සහිත අත්කොට කමිසයක් හා යටිකයට කොළපාට සරමක් හැඳ සිට ඇත.
මෘත ශරීර හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.