දුම්රියෙන් ඉන්ධන ප්‍රවාහනය සියයට 28 සිට 40 දක්වා ඉහලට
2019 වර්ෂයේ දී ඉන්ධන ප්‍රවාහනය සඳහා දුම්රිය මගින් ලබාගත් දායකත්වය 28%කි. මේ වන විට එය 32% දක්වා වැඩි කර ඇත. ඉන්ධන ප්‍රවාහනයේ දී 40% ක දායකත්වයක් දුම්රිය මගින් ලබාගැනීමට ගත යුතු පියවර සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ සහ බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ දී ඊයේ (19දා) දින පැවැත්විණි.
තෙල් බවුසර මගින් ඉන්ධන ප්‍රවාහනයේදී සිදුවන පරිසර දූෂණය, වාහන තදබදය සහ පිරිවැය අධික වීම යන කාරණා අවම කර ගැනීම මෙහි බලාපොරොත්තුවයි. මෙම ව්‍යාපෘතියේ ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක්ද පත් කරන ලදී.
මෙම සාකච්ඡාව සඳහා බලශක්ති අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි, ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් යන මහත්වරුන් සහ ප්‍රවාහන අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ද එක්විය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

