පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිම වෙනුවෙන් දුම්රියට, ලංගම හා පෞද්ගලික බස් රථවලට අවශ්‍ය තරම් ඉන්ධන ලබාදීමට කටයුතු කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
මේ අනුව දුම්රිය සේවය සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 150 හා ලංගම හා පෞද්ගලික බස් රථ සඳහා අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 600 ලංගම ඩිපෝ හරහාද නිකුත් කිරීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.
මීට අමතරව සංචාරකයන් ප්‍රවාහනය කරන බස්රථ හා වෑන් රථ, පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ, කාර්යාල සේවකයන් ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ සඳහා ද ලංගම ඩිපෝවලින් ඩීසල් ලබාදෙන බව අමාත්‍යවරයා පැවැසීය.
මේ අනුව ලංගම ඩිපෝ සහිත ඉන්ධන හල් පැය 24 පුරාම විවෘතව තබන බවද අමාත්‍යවරයා කීවේය. වෘත්තීමය ත්‍රිරෝද රථ සඳහා ඒ ඒ ප්‍ර දේශය තුළ පවතින ඉන්ධනහල් තුළ ලියාපදිංචි කර ඉන්ධන ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් අමාත්‍යවරයා කීවේය.