විවිධ හේතූන් නිසා දෛනිකව දුම්රිය ගමන්වාර සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වන නිසා ජනතාවගේ ගමන් පහසුව සඳහා දෛනිකව ධාවනය වන බස්රථ ප්‍රමාණය ඉහළ දැමීමට කටයුතු කරන බව ලංකා පෞද්ගලික් බස් හිමියන්ගේ සංගමය සඳහන් කරයි.
අමතර කොටස් හිඟය හා අමතර කොටස් මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය කාලයේදී කාර්මික දෝෂවලට ලක් වූ බස්රථ විශාල ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත් කර තිබූ බවත්, එහෙත් මේ වනවිට එම බස්රථ අලුත්වැඩියා සිදුකර නැවත ධාවනයට එක් කර තිබෙන බවත් එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.
මේ නිසා ජනතාවගේ අවශ්‍යතා සඳහා ප්‍රමාණවත් තරම් බස්රථ මේ වනවිට ධාවනය වන බවත්, දුම්රිය ගමන්වාර අවංගු වීම සැලකිල්ලට ගනිමින් අදාළ මාර්ගවලට වැඩියෙන් බස්රථ සේවයේ යෙදවීමටත් හැකියාව තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
මෙරට මුදල්වලින් ඉන්දියාවෙන් අමතර කොටස් මිලදී ගැනීමට අවස්ථාව ලබාදී තිබෙන බවත්, මේ නිසා කාර්මික දෝෂවලට ලක් වන බස්රථ ඉදිරියේදී කඩිනමින් අලුත්වැඩියා කටයුතු සිදුකිරීමේ හැකියාව ලැබෙන බවද සභාපතිවරයා ප්‍රකාශ කළේය.