රුහුණු කතරගම මහා දේවාලයේ අවුරුදු පෙරහැර (14) වෙනිදා වීදි සංචාරය කෙරිණි. 13 වෙනිදා කිරි ඉතිරවීමේ චාරිත්‍රයෙන් පසුව දේවාලය වසා තැබිණි.
පසුව සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ 14 වෙනිදා 07.45 යෙදුනු සුභ මොහොතින් පෙරහැර ප්‍රධාන වාහල්කඩ දොරටුවෙන් ප්‍රධාන වීදියට පැමිණ වල්ලි අම්මා දේවාලයට ගොස් චාරිත්‍ර ඉටුකර ප්‍රධාන වීදිය ඔස්සේ නැවතත් දේවාලයට පැමිණීමෙන් නිමාවට පත්විය.
පෙරහැරෙන් අනතුරුව බැතිමතුන්ට පුද පූජා පැවැත්වීම සඳහා දේවාලය විවෘත කෙරිණි.දුටු ගැමුණු මහ රජුගේ අණ පරිදි සෑම වසරකම නොකඩවා මෙම අවුරුදු පෙරහැර මංගල්‍යය පවත්වයි.





