දීමනා නොදුන්නැයි සීනිගම කපු මහත්වරු විරෝධයේ
තමන්ට හිමි දීමනා නොදීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සීනිගම දේවාලයේ කපු මහත්තරුන් අද(26) දේවාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවූහ.
මේ කපු මහත්වරුන් අතරින් එක් කපු මහත්මයෙක් දේවාලයේ මකර තොරණ උඩට නැග විරෝධතාවයේ යෙදී සිටීම විශේෂයෙන්ම කැපී පෙනුණි.ඒ සුසිල් පියංකර කපු මහතාය.
මාස දෙකක කාලයක් තමන්ට හිමි දීමනා ලබාදී නැති බවත් දේවාලයට ලැබෙන මුදල් පිල්ලි යන බවත් කියමින් කපු මහත්වරුන් මේ විරෝධතාවට එක්වී සිටියහ.
ඔවුහු අද (26) දේවාල වතාවත් වලින් බැහැරව මේ විරෝධතාවට එක්වී සිටියහ.තමන්ගේ ඉල්ලීම්වලට විසදුමක් ලැබෙන තෙක් මේ විරෝධතාවයේ යෙදෙන බව ඔවුහු කියති.



popular news
-
NuwanS Thursday, 26 October 2023 07:57 AM
ithin deviyanta kannalawwak karala wechcha asadarane kiyann puluwanine. mee gollange illeem gana deviyo balanne nathuwaa wadda.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

