දිසා විනිසුරුට පහරදුන් අය අත්අඩංගුවට
මඩකලපුව දිසා අධිකරණයේ දිසා විනිසුරුවරයාගේ නිවසට අයුතුලෙස ඇතුලු වි ඒ මහතාගේ බිරිඳගේ ගෙලබැඳි රන් තැල්ල කොල්ලකා, පසුව දිසාවිනිසුරුවරයාට පහරදි පලාගිය සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට අක්කරපත්තුව පොලිසිය ඊයේ (01දා) සමත්වුහ.
අත්අඩංගුවටපත් එම සැකකරුවන් අතර දෙනියාය වෙදපිටිය හා අංගොඩ මන්ඩාවිල යන ප්‍රදේශවල විහාරස්ථාන දෙකක චිවරධාරින් දෙදනෙකුද වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් මෙම චීවරධාරින් සන්තකයේ තිබි කේරල ගංජා මිලිග්රෑමි 1425ක්,අයිස් මත්ද්‍රව්‍ය මිලිග්රෑමි 2250ක් හා හෙරොයින් මිලිග්රෑමි 4430ක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම සැකකරුවන් පිරිස මෝටර් රථයකින් හා යතුරුපැදියකින් ගමන්කරමින් සිටියදි,කාරතිවි ප්‍රදේශයේදි පොලිසිය විසින් නවතා පරික්ෂාකිරිමට යාමෙිදි, යතුරුපැදියෙන් පැමිිණි සැකකරු පොලිස් නිළධාරියකු සමග පොරබදා, පසුව පොලිස් නිළධාරින්ට ගිනි අවියකින් වෙඩිතබා පලාගොස් තිබේ. මෙම වෙඩිතැබිමෙන් එක් සැකකරුවෙකුට තුවාල සිදුව ඇතිබවද පොලිසිය පවසයි. ඒ අනුව එම සැකකරු රෝහල්ගත කිරිමට පොලිසිය කටයුතුකර ඇත. පොලිසිය පවසන්නේ එම සැකකරුගේ තත්වය එතරම් බරපතල නොවන බවයි.
කෙසේනමුත් අනතුරුව මෝටර් රථයේ සිටි චීවරධාරින් දෙදනෙකු මත්ද්‍රව්‍ය සමග පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.මෙහිදි මෝටර් රථයේ සිටි සැකකරුවෙකුද පොලිස් ග්රහණනයෙන් මිදි පලායාමට සමත්ව ඇත. ඒම පලාගිය සැකකරුවන් හදුනාගෙන ඇති බවත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනිමට කටයුතු කරනබවත් අක්කරපත්තුව පොලිසිය පවසයි.
අක්කරපත්තුව පොලිසිය මෙි පිලිබඳව වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරයි.
මොණරාගල නයනජිව බන්ඩාර
popular news
-
Kumar Wednesday, 02 February 2022 05:17 PM
lankawata naraka kalayak labila wageyi. Ragama sisunta pahadenewa nagenahira paththe vinisuruwanta paharadenawa. dakunu palathe chiwaradharin horakmay yanawa. minuwangoda chivaradarin baybudhowela. Samaharawita dakunu palathe ayata labena sumadam madiathi minuwangoda paththe sulli wahiwahinawa athi.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

