දිස්ත්‍රික්ක 12 ක ප්‍රාලේ කොට්ඨාස 55 කට නාය යැමේ අනතුරු ඇඟවීම්
දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 55 කට නායයැමේ අනතුරු ඇ ඟවීම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (14) වනදා පෙරවරුවේ නිකුත් කරනු ලැබ තිබේ.
එයින් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අටකට දෙවන මට්ටමේ ඇම්බර් නිවේදනය නිකුත් කර ඇති අතර තවත් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 47 කට පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව, කළුතර දිස්ත්‍රික්කයේ හොරණ, අගලවත්ත, බදුරලිය, වලල්ලාවිට, මතුගම, රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල සහ රත්නපුර යන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර තිබේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ බණ්ඩාරවෙල, හාලිඇල, සහ පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ නියාගම, තවලම, සහ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ තුම්පනේ, පස්බාගේ කෝරළය, දොළුව, යටිනුවර, උඩපළාත , ගඟඉහළ කෝරළය, අකුරණ. හාරිස්පත්තුව, උඩුනුවර, පූජාපිටිය, ගඟවට කෝරළය, පාතහේවාහැට, හතරලියද්ද, දෙල්තොට සහ පන්විල, කෑගල්ල දිස්ත්‍රික්කයේ , අරණායක, මාවතුපොළ, බුලත්සිංහල, රඹුක්කන, කෑගල්ල, යටියන්තොට, සහ වරකාපොළ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම, මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල, අඹන්ගඟ කෝරළය, සහ රත්තොට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය, බිබිල, සහ බඩල්කුඹුර. නුවරඑළිය දිස්ත්‍රික්කයේ නෝවුඩ්, කොත්මලේ සහ අඹගමුව, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, අයගම, කිරිඇල්ල, ගොඩකවෙල, ඇහැලියගොඩ, සහ කුරුවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනයද නිකුත් කර තිබේ.
දෙවන මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවල පසුගිය පැය 24 තුල මිලි මිටර් 100 ඉක්මවූ වර්ෂාපනයක් ලැබී ඇති බවත් පළමු මට්ටමේ නිවේදනය නිකුත් කර ඇති ප්‍රදේශවලට මිලි මීටර් 75 ඉක්මවූ වර්ෂාපනයක් ලැබි ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරන අතර තව දුරටත් වැසි පවතී නම් අවධානයෙන් සිටින ලෙසත් අවශ්‍ය වුවහොත් ආරක්ෂිත ස්ථාන කරා යාමට සූදානමින් සිටින ලෙසත් ඉල්ලා සිටියි.
2026.05.14 වන දින පෙරවරු 9.00 ට නිකුත් කර ඇති මෙම නිවේදනය 2026.05.15 වන දින පෙරවරුව දක්වා බලපැවැත්වෙන බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියයි.
මෙහොමඩ් ආශික්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
