එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් යාපනය, මුලතිව්, කිළිනොච්චි හා බදුල්ල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී ගොවි පවුල් 15,619කට වී වගාවට අවශ්‍ය යුරියා පොහොර නොමිලයේ ලබා දීම සඳහා මෙ. ටො. 780ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.
කෘෂිකර්ම වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් එම පොහොර තොගය නිල වශයෙන් බාර ගත් අතර එම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවීධානයේ ශ්‍රී ලංකාවේ නියෝජිත හැනා සිංගර් මහත්මිය, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ නියෝජිත විමලේන්ද්‍ර ශරන් හා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.
