ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් දිවයින පුරා පිහිටි සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධනවල ගුණාත්මකභාවය පිළිබඳ අහඹු ලෙස පරීක්ෂා කිරීම ආරම්භ කර ඇතැයි විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රකාශ කරන්නේ ඉන්ධනවල ගුණාත්මකභාවය සහ ඉන්ධන පිරවුම්හල් මගින් ඛනිජ තෙල්නි ෂ්පාදන ජලය, භූමිතෙල් සහ අනෙකුත් ද්‍රව සමඟ මිශ්‍ර කරන බවට පැමිණිලි ලැබීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි.
මාර්ගෝපදේශ කඩ කරන ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය වහාම අවලංගු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.