දිවයිනේ ප්‍රථම එලිමහන් සත්ව උද්‍යානය නැරඹීමට අවස්ථාව හෙට සිට
- 16 04 2015
- 15:54
- {{hitsCtrl.values.hits}} views
- චාමර සම්පත්
දිවයිනේ ප්‍රථම එලිමහන් සත්ව උද්‍යානය හෙට(17) පින්නවලදී විවෘතවීමට නියමිතය. සතුන් කඩු කිරීමේ සංකල්පයෙන් බැහැරව විශාල ප්‍රදේශ තුල සත්ව අරන තුල සිටියදී සතුන් නැරඹිම මෙහි විශේෂත්වය වේ. සත්වඋද්‍යානයේ පළමු අධියර යටතේ මෙරට ආවේණික සතුන් සදහා වෙන්කර තිබේ. ප්‍රමාණයෙන් විශාල සතුන් මෙවැනි සත්ව උද්‍යාන තුල රදවාගැනිම විශේෂත්වය වේ. මෙහි පළමු අදියරට අක්කර 44ක් අයත් වේ.
මේ යටතේ ලංකාවට ආවේණික දිවියන්ගේ වලසුන්ගේ මෙන්ම ලංකාව තුල දැකිය හැකි සියලුම මුව සහ ගෝන වාශේෂද ඇතුලත් කලාප මේයටතේ ස්ථාපිත කර තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන සත්ව උද්‍යානය වන පින්නවල සත්ව උද්‍යානය හෙට(17) සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් විවෘත වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

