දිවයිනේ ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි
නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය අද (02දා) අළුයම් කාළයේදී නැගෙනහිර වෙරළ දෙසින් දිවයිනට ඇතුළු වී ශ්‍රී ලංකාව හරහා ගමන් කරමින් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම පද්ධතිය ක්‍රමයෙන් දුර්වල වෙමින් හෙට (03) අළුයම් කාළයේදී ශ්‍රී ලංකාවට බටහිර දෙසින් වූ මුහුදු ප්‍රෙද්ශ කරා ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
එමිදී දිවයින පුරා විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. උතුරු, උතුරු මැද, වයඹ, නැගෙනහිර හා ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව ඔවුන් දන්වා සිටියි.
උතුරු , උතුරුමැද, හා බස්නාහිර පළාත්වලත්, ත්‍රිකුණාමලය, මඩකපුව හා රත්නපුර දිස්ත්‍රික්කවලත්, විටින් විට හමන පැයට කි.මී. 50-60 පමණ තද සුලං බලාපොරොත්තු විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයිනේ සෙසු ප්‍රෙද්ශවල විටින් විට හමන පැ. කි.මී. 40-50 පමණ තද සුලං බලාපොරොත්තු විය හැකි බවද කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් දන්වා සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
