2026.03.19 වන දින දහවල් මරදන්කඩවල පොලිස් වසමේ හිනුක්කිරියාව වැවේ දියනෑමට ගිය දැරියක් කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට මරදන්කඩවල පොලිස් ස්ථානයට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මරණකාරිය වයස අවුරුදු 09 ක් වූ ගනේවල්පොල ප්රදේශයේ පදිංචි දැරියකි.
මරණකාරිය තම මිත්තණිය සමග ඉහත වැවේ දියනාමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති අතර පසුව ගම්වාසීන්, පොලිස් නිලධාරීන් හා වනජීවි නිලධාරීන් විසින් වැවට බැස දැරිය සෙවීමේදී කිඹුලා විසින් ඩැහැගත් දැරිය අතහැර දමා ගොස් ඇති අතර එම දැරිය මරදන්කඩවල රෝහල වෙත ඇතුලත් කිරීමේදී මියගොස් සිට ඇත. මරදන්කඩවල පොලිස් ස්ථානය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
02. තිරුබදු රහිතව මෙරටට ගෙන්වන ලද යතුරු පැදි එන්ජින් 16 ක්