දිය අනතුරු දෙකකින් සිව් දෙනෙක් මරුට
මුලතිව් පොලිස් වසමේ ඊයෙ සිදුවූ දිය අනතුරු දෙකකින් දරුවන් තිදෙනෙක් හා වැඩිහිටියෙක් මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ අතර මුලතිව්හි කුමලමුනේ ප්‍ර දේශයේ පිහිටි කෝවිලක දිය කැපීම සඳහා සකස් කරන ලද තටාකයකට ගැහැණු ළමුන් තිදෙනෙක් වැටි දියේ ගිලීම හේතුවෙන් ඔවුන් තිදෙනා මාන්චෝලේ රෝහලට ඇතුළත් කිරීමේදී ඉන් දෙදෙනෙකු මියගොස් තිබේ.
මියගිය දැරියන් දෙදෙනා අවුරුදු 15ක් වන මුලියාවේලි ප්‍ර දේශයේ පදිංචිකාරියන් වේ්. දිය කපන ස්ථානයේ පිහිටි තටාකය අසළ ඡායාරූප ගිනිමින් සිටියදීදැරියන් දෙදෙනෙක් තටාකයට වැටී අතර ඔවුන් දෙදෙනා බේරා ගැනීම වෙනුවෙන් අනෙක් දැරිය තටාකයට පැන තිබේ.
මේ අතර මුලතිව් පොලිස් වසමේ උඩප්පුකලම් වැවේ මල් කැඩීමට ඔරුවකින් ගමන් කළ දරුවෙක් හා වැඩිහිටි පුද්ගලයෙක් ඔරුව පෙරලීමෙන් දියේ ගිලී මියගොස් තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 10ක පිරිමි ළමයෙක් හා අවුරුදු 25ක පුද්ගලයෙකි.මරණකරුවන් ඥාත සහෝදරයන් වෙයි.
පූජාවක් සඳහා නෙලුම් මල් කඩමින් සිටියදි මෙම අනතුරට මුහුණ පා තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

