දිය අනතුරු තුනකින් තිදෙනෙක් මරුට
- 17 11 2025
- 08:21
- {{hitsCtrl.values.hits}} views
-
දිවයිනේ විවිධ ප්ර දේශවල සිදුවූ දියේ ගිලිම්වලින් පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එගොඩඋයන පොලිස් වසම - 2025.09.16 වන දින සවස් කාලයේ එගොඩඋයන පොලිස් වසමේ එගොඩඋයන මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවට එගොඩඋයන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 17 ක් වන කටුකුරුන්ද, මොරටුව ප්රදේශයේ පදිංචිකරුවෙකි.
අතුරුදන් වූ පුද්ගලයා තවත් මිතුරන් දෙදෙනෙකු සමඟ ඉහත සඳහන් ස්ථානයේ දිය නෑමට ගොස් සිටියදී තිදෙනාම මුහුදු රළකට හසු වී ගසාගෙන ගොස් ඇත. ප්රදේශවාසීන් විසින් ඉන් දෙදෙනෙකු බේරාගෙන ඇති අතර එක් පුද්ගලයෙකු දියේ ගිලී අතුරුදන් වී ඇත. අතුරුදන් වූ පුද්ගලයා සොයා එගොඩඋයන පොලිසිය තවදුරටත් මෙහෙයුම් සිදුකරනු ලබයි.
කොටුව පොලිස් වසම - 2025.11.16 වන දින සවස් කාලයේ කොටුව පොලිස් වසමේ ගාලුමුවදොර මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලී ඇති බවට කොටුව පොලිස් ස්ථානයට ලද තොරතුරක් පොලිසි මඟින් නාවික හමුදාව දැනුවත් කර දියේ ගිලුණු පුද්ගලයින් දෙදෙනා බේරාගෙන කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමේදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත.
මරණකරු වයස අවුරුදු 19 ක් වූ ආගරපතන ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කොටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
හලාවත පොලිස් වසම- 2025.11.16 වන දින සවස් කාලයේ හලාවත පොලිස් වසමේ හලාවත මුහුදු තීරයේ සිටි කාන්තාවක් හා වයස අවුරුදු 08 ක දරුවෙකු රළ පහරකට හසු වී දියඹට ගසාගෙන යමින් සිටියදී, ප්රදේශවාසීන් විසින් බේරාගෙන හලාවත රෝහලට ඇතුලත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බවට හලාවත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකාරිය වයස අවුරුදු 61 ක් වූ දංකොටුව ප්රදේශයේ පදිංචිකාරියකි. මෘත ශරීරය හලාවත රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හලාවත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

