ස්ථාන දෙකකදී සිදුවූ දිය අනතුරු දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි. හලාවත, එගොඩවැල්ල, දැදුරු ඔය මෝය කටේ දිය නාමින් සිටි පියා (අවු. 35), ඔහුගේ දියණිය (අවු.6) හා තවත් ඥාති පුතෙක් (අවු 7) දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර පයාගල, පැලපොල්වත්ත වෙරළේ දිය නෑමට ගිය පුද්ගලයන් සිවු දෙනෙකු අතරින් අවුරුදු 23ක් වන පුද්ගලයෙක් දියේ ගිලී අතුරුදන්ව තිබේ.