අරලගංවිල පොලිස් වසමේ කන්දේගම ප්රදේශයේ ඉඩමක ජලය පිරී තිබූ වලකට ඊයේ උදෑසන කාලයේ දරුවෙකු වැටී අනතුරට පත්ව අරලගංවිල රෝහලට රැගෙන යාමේදී මියගොස් ඇති බවට අරලගංවිල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය දරුවා වයස අවුරුදු 02 ක් වූ කන්දේගම, දම්මින්න ප්රදේශයේ පදිංචි දරුවෙකි. මෘත ශරීරය අරලගංවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර අරලගංවිල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.