කලවාන පොලිස් වසම - 2025.11.26 වන දින සවස් කාලයේ කලවාන පොලිස් වසමේ දකුණු කුකුලේගම කොහිල ඇලෙහි දියේ ගිලී පුද්ගලයෙකු මියගොස් ඇති බවට කලවාන පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 18 ක් වූ ජාතුවංගොඩ, කලවාන ප්රදේශයේ පදිංචිකරුවෙකි. මෘත ශරීරය කලවාන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර කලවාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
මොණරාගල පොලිස් වසම - 2025.11.26 වන දින රාත්රී කාලයේ මොණරාගල පොලිස් වසමේ අරාව ප්රදේශයේ ඌරාඔය ඇලට වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට මොණරාගල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මරණකරු වයස අවුරුදු 62 ක් වූ දොඹගහවෙල ප්රදේශයේ පදිංචිකරුවෙකි. මරණකරු යතුරුපැදියකින් ඌරාඔය පාලම උඩින් ගමන් කරමින් සිටියදී මෙසේ ඇලට වැටී මියගොස් ඇති බවට අනාවරණය වී ඇත.මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරිගල රෝහලේ තැන්පත් කර ඇති අතර මොණරාගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.