දියවන්නාව සුද්ද කරන්න ලක්ෂ 500ක්
දියවන්නා ජලාශය තුළ වරින්වර මතුවන ඇල්ගී නිසා එහි ජලජ පැළෑටිවලට මෙන්ම ජලජ ජීවින්ටත් විශාල පාරිසරික හානියක් සිදු වේ.
පසුගිය දශකය තුළ කිහිප අවස්ථාවක දීම මෙම ඇල්ගී වර්ධනය සිදු වූ අතර ඊට හේතුවී තිබෙන්නේ දියවන්නාවේ ජලයෙහි අඩංගු පොස්පරස් හා නයිට්රජන් ප්‍රමාණය ඉහළයාමයි. දියවන්නා ඔයට නිශ්චිත ජල මූලාශ්‍රයක් නොමැති අතරම වර්ෂා ජලය විවිධ ප්‍රදේශවල සිට එන ඇළ මාර්ග හරහා දියවන්නාව ජලාශයට ජලය සපයයි. එමෙන්ම ජලය විදිමත් ලෙස බැහැර වීම ද සිදු නොවේ.
මේ නිසා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි දියවන්නා ජලාශයේ ඇල්ගී වර්ධනය වීම පාලනය සඳහා පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපති කාර්යසාධක බලකායක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කළේය. එම අනුමැතිය මත එම කාර්ය සාධක බලකායේ සභාපතිත්වයට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පත් කරනු ලැබීය.
ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් දින කිහිපයක්ම දියවන්නා ජලාශයට ජලය ගලා එන ඇළමාර්ග ආශ්‍රිතව විමර්ශණ ආරම්භ කළේය. එම විමර්ශණ අනුව පෙනී ගොස් තිබෙන්නේ දියවන්නා ජලාශයේ මඩ තැම්පත්වීම ඉහළයාමත්, අධික ලෙස පොස්පරස් හා නයිට්රජන් එකත්වීම නිසා ඇල්ගී වර්ධනය සිදුවන බවත්ය. මේ නිසා දියවන්නාවේ ඇල්ගී වර්ධනය වීම පාලනය කිරීම සඳහා පරිසර අමාත්‍යාංශය , මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු ආයතන රැසකින් සමන්විත ජනාධිපති කාර්ය සාධක බලකාය මගින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇත.
ඒ අනුව දියවන්නා ජලාශයේ ඇල්ගී වර්ධනය පාලනය සඳහා 2022 වසර සඳහා පරිසර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි සුරකිමු ගංගා වැඩ පිළිවෙළ යටතේ රුපියල් මිලියන 50ක මුදලක් වෙන් කර තිබේ.
popular news
-
prachanda Monday, 13 June 2022 10:26 AM
Ethana pawichchikarana apathyo tika dala srama danayakin sudda karanna
Reply : 0 0
Seafarer Tuesday, 21 June 2022 04:57 PM
OMG they have given a solution for most wasnted problem in the country. Well done Assholes
Reply : 0 0
LGPJ Saturday, 15 October 2022 09:01 AM
50 Million is not enough for the purpose !!!!
Reply : 0 7
LGPJ Monday, 17 October 2022 06:38 AM
50 Million will failed for the purpose !!!
Reply : 0 8
LGPJ Tuesday, 18 October 2022 03:09 PM
Rs: 50 million is not enough to clean up Diyawanna premises !!!
Reply : 0 6
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

