දියවන්නාවේ ඔරුවක් පෙරළී තරුණයෙකු අතුරුදන්
තලංගම ජපන් මිත්රත්ව පාලම අසල දියසරු උයන අධි ආරක්ෂක කලාපයේ දියවන්නා ඔයේ ඔරුවකින් හොර රහසේ මාළු ඇල්ලීමට ගිය දෙදෙනෙකුගෙන් එක් අයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි තලංගම පොලිසිය පවසයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ රාජගිරිය කොටුවේගොඩ වෙදගෙවත්ත පදිංචිව සිටි සයුර ගිම්හාන 18 හැවිරිදි තරුණයෙකි. තිදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත
රාජගිරිය මට්ටක්කුලිය වැලිකඩ ආදී ප්රදේශවල පුද්ගලයන් 6 දෙනෙකු අද (26දා) අළුයම එකයි තිහට පමණ මාළු ඇල්ලීම සඳහා දිය සරු උයන වෙත පැමිණ එයින් දෙදෙනෙකු ආරක්ෂක දැලෙන් දියවන්නා ඔයට දැලක් හා ඔරුවක් දමා මාළු ඇල්ලීම සඳහා යමින් සිටියදී ඔරුව පෙරලීමත් සමඟ ම එක් අයකු පිහිනා ගොඩට පැමිණ ඇතැයි පොලිසිය කියයි.
එම දෙසට ත්රීරෝද රථයක් පැමිණීමේදී පොලිසියෙන් යැයි සිතූ පිටත සිටි පුද්ගලයන් සිව්දෙනාගෙන් දෙදෙනෙකු පළාගොස් ඇති අතර පිහිනා ගොඩට පැමිණි පුද්ගලයා සහ සෙසු පුද්ගලයන් දෙදෙනා දියවන්නා ජලාශයේ රාජකාරි සිදු කරනු ලබන නාවික හමුදාව දැක ඒ පිළිබඳ පවසා ඇති අතර එම නිලධාරීන් එම ස්ථානය පරීක්ෂාකර පුද්ගලයන් තිදෙනා අත්අඩංගුවට ගෙන භාරදුන් බව පොලිසිය කියයි.
අතුරුදන් වූ පුද්ගලයන් සොයා නාවික හමුදා කිමිදුම් කරුවන් සහ පොලිස් ජීවිතාරක්ෂක ඒකකය මඟින් විමර්ශන සිදු කෙරේ
තලංගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

