මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ නව දියවඩන නිලමේවරයෙකු පත්කර ගැනීම සඳහාා වූ නිලවරණය නොවැම්බර් මස 07 හෝ ඊට ආසන්න දිනකදී පත්වීම සඳහා මේ වන වනවිට සක්කච්ඡා කරමින් පවතින බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සේනාරත්න මහතා පවසයි.
විශේෂ සාකච්ඡාවක් සඳහා අද (18) මහනුවර මහ ලේකම් කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් කොමසාරිස් ජනරාල්වරයා ඒ බව අවධාරණය කළේය.
එහිදී ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ විහාර දේවාලගම් ආඥා පනතේ සංශෝධන ක්‍රියාවලිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවයි. එහි 42-43 වගන්ති සංශෝධනය කිරීම සඳහා සාකච්ඡා වෙමින් පවතින බවත් එහි ඉදිරි කටයුතු සිදුවීමට නියමිත බවද පැවසීය.
ඉදිරියේදී පත්වීමට නියමිත දියවඩන නිලමේවරයාගේ ධූර කාලය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් වු ක්‍රියාමාර්ග මෙතෙක් ගෙන නොමැති බවද අවසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.
උතුරු නැගෙනහිර පමණක් නොව ලංකාවේ සෑම ප්‍රදේශයකම බෞද්ධ සිද්ධස්ථාන සම්බන්ධයෙන් නෛතික ගැටලු ඇති බවත් ඒවා විසඳීම සඳහා පනත ප්‍රකාරව කටයුතු කිරීමට පියවර ගනිමින් සිටින බවද පැවසීය. මෙරට විහාර දේවාල ගම් පනත යටතේ පාලනය වන විහාරස්ථාන සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු අදාළ පරිදි දෙපාර්තමේන්තුව විසින් ඉදිරියට සිදු කරගෙන යන බවද කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කළේය.