දළඳා මාලිගාවේ දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල බණ්ඩාර විසින් දළදා මාලිගාවේ ඉඩකඩම් ඇතුළු මිල මුදල් අයථා ලෙස භාවිතා කරන බවට චෝදනා කරමින් පිරිසක් දළදා දළදා මාලිගාව ඉදිරිපිටදී විරෝධතාවක නිරත වී තිබේ.
දළඳා මාලිගාවේ මාළිගාවේ දියවඩන නිළමේවරයා විසින් දළදා මාලිගාව සතු ඉඩකඩම් හිතු මනාපයේ විකුණා දමමින් එහි මිල මුදල් ද අයථා ලෙස පරිහරණය කරන බවට චෝදනා කරමින් විරෝධතා පුවරු අතැතිව අද (16) පෙරවරුවේ දළදා මාලිගාව ඉදිරිපිට ප්රධාන පිවිසුම ඉදිරිපිටට පැමිණ එම පිරිස විරෝධතාවේ නියැලී තිබේ.
පසුව ඔවුන් අස්ගිරි මල්වතු මහානාහිමිවරුන් බැහැ දැකීමට ගිය අතර එහිදී නිලමේවරයාට එරෙහිව චෝදනා තිහක් යටතේ චෝදනා පත්රයක් ද මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට භාර දුන් බවත් සඳහන්.
- ෂේන් සෙනෙවිරත්න


