දියතලාවෙන් මෙනින්ජයිටීස් රෝගි සිසුන් 10ක් හදුනාගනියි
මේ වනවිට දියතලාව මූලික රෝහලේ මෙනින් ජයිටීස් රෝග ලක්ෂණ සහිත පාසල් සිසුන් දහ අට දෙනකු ප්‍රතිකාර ලබන අතර එයින් දහ දෙනෙකු මෙනින්ජයිටීස් රෝගී දරුවන් බවට හඳුනාගෙන ඇති බව දියතලාව මූලික රෝහලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම රෝග ලක්ෂණ පවතී නම් එය හඳුනා ගත් වහාම මහජන සෞඛ්‍ය පරීක්ෂක තුමන් දැනුවත් කර අවශ්‍ය සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ගය අනුගමනය කරන ලෙස දරුවන්ගේ භාරකරුවන් වෙත දියතලාව රෝහල දැනුම්වත් කරයි .
දියතලාව මූලික රෝහලින් ලද උපදෙස් අනුව සියලුම පාසල් සිසුන්ට මුව ආවරණ පැළඳීම සෞඛ්යාරක්ෂිත ක්‍රමවේද අනුව විසබීජ නාශක දියර භාවිතා කර දෑත් සේදීම, වැසිකිළි පිරිසිදුව පවත්වාගෙන යාම සහ සෞඛ්යාරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් වැසිකිළි භාවිත කිරිම නොපිසූ පලාවර්ග අමුවෙන් ආහාරයට නොගෙන සිටීමට උපදෙස් ලබාදීම,
සිසුන් එක්රැස්වන පරිදි සිදු කරන සාමූහික ක්‍රියාකාරකම් හැකිතාක් අවම කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග අනුගමනය කිරීම යන ක්‍රියා මාර්ග අනුගමනය කරන ලෙස භාරකරුවන්ට සහ අදාළ අංශවලට උපදෙස් ලබා දෙන බවද දියතලාව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
අධික උණ, බෙල්ලේ තද ගතිය, අධික නිදිමත සහ සිහි මද ගතිය ආලෝකය දෙස බැලීමට අපහසුව වමනය කෑම ප්‍රතික්ෂේප කිරීම සම මත ලප ඇතිවීම වැනි රෝග ලක්ෂණ මෙනින් ජයිටීස් රෝග ලක්ෂණ ලෙස දියතලාව රෝහල සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

