දියතලාව නගරය හා අවට ප්රදේශයට අද (13දා) පස්වරුවේ අයිස් වැස්සක් ඇද හැලුණු බව ප්රදේශවාසීහු පවසති.
සවස 01:45 ට පමණ ධාරානිපාත වර්ෂාවක් සහ තද සුළඟක් ද සමඟ අයිස් වැස්ස විනාඩි පහළොවකට අධික කාලයක් ඉතා තදින් පැවති අතර අයිස් වැස්සෙන් පසුවද තද සුළඟක් සමග ධාරාණිපාත වර්ෂාව පැය දෙකකට අධික කාලයක් පැවති බව ප්රදේශවාසීහු පවසති.
හල්දුම්මුල්ල එස් පී නානායක්කාර