මීරිගම - පස්යාල මාරගේ කොටකන්ද හන්දිය ආසන්නයේදි මිරිගම දෙස සිට පස්යාල දෙසට ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයේ ගමන්ගත් පියෙකු හා දියණියක හප්පා පලාගොස් ඇති අතර අනතුරින් බරපතල තුවාල ලැබූ පියා හා දියණිය මීරිගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව දෙදෙනාම මියගොස් ඇත.
දියණිය අවුරුදු 14 වයසේ පසුවන අතර පියා අවුරුදු 54ක පුද්ගලයෙකි. උපකාරක පංති අවසන් වී පියා විසින් තම දියණිය නිවසට කැඳවාගෙන එමින් සිටියදී මෙම අනතුරට ලක්ව තිබේ. පලාගිය මෝටර් රථයේ රියදුරු පල්ලෙවෙල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අත්අඩංගවට ගෙන වෛද්‍ය පරික්ෂණයකට යොමු කිරීමේදී ඔහු මත්පැන් පානය කර ඇති බවට අණාවරණය වි තිබේ.